Budu Bana - බුදු බණ
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස සද්ධම්මෝ ලෝකනාථෙන අක්ඛාතෝ අමතං දදෝ දුජ්ජනේ සුජනේ කුබ්බං චිරං ලෝකේ පවත්තතු. ලෝ කයේ වාසය කරන්නා වූ මනුෂ්‍යයන් සම්බන්ධයෙන් නුවණැතියන්ගේ කල්පනාවට භාජන විය යුතු ප්‍රධාන කරුණු දෙකක් වේ. ඉන් පළමු වැන්න දුක් කරදර වලින් මිදී මෙ ලොව සැපසේ ජීවත් වීම ය. දෙවැන්න මරණින් මතු අපාගත නො වී සුගතියෙහි ඉපිද සුවසේ කල් යැවීම ය. මේ කරුණු දෙක ඉබේ ම සිදු වන දේ නො වන බැවින් ඒවාට යම්කිසි පිහිටක් සොයා ගත යුතුය. මනුෂ්‍යයෝ ගොවිකම් අත්කම් වෙළඳාම් ආදිය මෙලොව සැපයට පිහිට කර ගනිති. තම තමා විසින් සොයා ගන්නා ලද ඒ පිහිටවල හොඳ නරක දෙකේ සැටියට ඔවුන්ට නොයෙක් තරාතිරම්වල සැප දුක් ලැබේ. මනුෂ්‍යයෝ පරලොව යහපත - පරලොව සැපය සඳහා ආගම් පිහිට කර ගනිති. මෙලොවට ද ආගම්වල පිහිට ඇතත් ඇත්තේ ස්වල්ප වශයෙනි. මනුෂ්‍යයකු මේ ලොව ජීවත් වන කාලය අවුරුදු සියයකට අඩු ස්වල්ප කාලයෙකි. ඉන් ඔබ්බෙහි ඇති පරලොව පිළිබඳ වූ කාලය කල්ප ගණනින් ද ප්‍රමාණ කළ නොහෙන දීර්ඝ කාලයෙකි. එ බැවින් නුවණැත්තෝ මෙලොව ගැන කල්පනා කරනවාට වඩා පරලොව ගැන කල්පනා කරති. මෙලොව කොපමණ ලාභයක් ලැනෙ සැපයක් ලැබෙන කරුණක් වුවත් එය මරණින් මතු දුර්ග...