Posts

Budu Bana - බුදු බණ

  නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස සද්ධම්මෝ ලෝකනාථෙන අක්ඛාතෝ අමතං දදෝ දුජ්ජනේ සුජනේ කුබ්බං චිරං ලෝකේ පවත්තතු. ලෝ කයේ වාසය කරන්නා වූ මනුෂ්‍යයන් සම්බන්ධයෙන් නුවණැතියන්ගේ කල්පනාවට භාජන විය යුතු ප්‍ර‍ධාන කරුණු දෙකක් වේ. ඉන් පළමු වැන්න දුක් කරදර වලින් මිදී මෙ ලොව සැපසේ ජීවත් වීම ය. දෙවැන්න මරණින් මතු අපාගත නො වී සුගතියෙහි ඉපිද සුවසේ කල් යැවීම ය. මේ කරුණු දෙක ඉබේ ම සිදු වන දේ නො වන බැවින් ඒවාට යම්කිසි පිහිටක් සොයා ගත යුතුය. මනුෂ්‍යයෝ ගොවිකම් අත්කම් වෙළඳාම් ආදිය මෙලොව සැපයට පිහිට කර ගනිති. තම තමා විසින් සොයා ගන්නා ලද ඒ පිහිටවල හොඳ නරක දෙකේ සැටියට ඔවුන්ට නොයෙක් තරාතිරම්වල සැප දුක් ලැබේ. මනුෂ්‍යයෝ  පරලොව යහපත - පරලොව සැපය සඳහා ආගම් පිහිට කර ගනිති. මෙලොවට ද ආගම්වල පිහිට ඇතත් ඇත්තේ ස්වල්ප වශයෙනි. මනුෂ්‍යයකු මේ ලොව ජීවත් වන කාලය අවුරුදු සියයකට අඩු ස්වල්ප කාලයෙකි. ඉන් ඔබ්බෙහි ඇති පරලොව පිළිබඳ වූ කාලය කල්ප ගණනින් ද ප්‍ර‍මාණ කළ නොහෙන දීර්ඝ කාලයෙකි. එ බැවින් නුවණැත්තෝ මෙලොව ගැන කල්පනා කරනවාට වඩා පරලොව ගැන කල්පනා කරති. මෙලොව කොපමණ ලාභයක් ලැනෙ සැපයක් ලැබෙන කරුණක් වුවත් එය මරණින් මතු දුර්ග...

බෞද්ධයාගේ අත්පොත

මතු ඵල ලබනු සඳහා කරන සෑම දෙයකින් ම උසස් ලෙස ඵල ලැබිය හැකි වන්නේ ඒ ඒ දෙය ගැන මනා දැනුම ඇති ව කරන තැනැත්තාට ය. කරන දෙය ගැන හොඳ දැනුමක් නැති ව වැඩ කරන්නහුගේ වියදම හා මහන්සිය බොහෝ සෙයින් නිශ්ඵල වේ. එසේ කරන දෙයකින් ඵලයක් ලැබෙතත් ලැබෙන්නේ වියදමට මහන්සියට නො සරිලන අල්ප ඵලයෙකි. වරදවා කරන ප්‍ර‍තිකාරයෙන් සමහර විට රෝගියා මිය යන්නාක් මෙන් නො දැන කරන වැඩවලින් සමහර විට විපතක් ද සිදු වේ. බුද්ධාගම ඇදහීම වනාහි උසස් ලෞකික ලෝකෝත්තර ඵල ලබනු සඳහා කරන්නකි. ආගම ඇදහීමෙන් ලැබිය හැකි ඒ උසස් ඵල ආගම ගැන දැනුම නැති ව නො මනා ලෙස ආගම අදහස බෞද්ධයාට නො ලැබී යන්නේ ය. මෙ කල වෙසෙන බෞද්ධයන්ගෙන් බොහෝ දෙනෙක් ම සෑහෙන පමණට ආගම ධර්මය නො දන්නෝය. එ බැවින් ඇතැම් බෞද්ධයෝ පින් කෙත් වූ රත්නත්‍ර‍ය ඇසුරු කිරීමෙන් ද නොයෙක් විට පව් සිදුකර ගනිති. ලෙහෙසියෙන් කළහැකි ව තිබෙන ඇතැම් උසස් පින්කම් ලඝුකොට සිතා නො කර හරිති. සමහර විට පිනය යන හැඟීමෙන් පව් කරති. පවය යන හැඟීමෙන් ඇතැම් පින්කම් නොකර හරිති. ඇතැම් බරපතල පව් කම් ද ලඝු කොට සිතා කරති. බොහෝ වියදම් කොට බොහෝ වෙහෙසී දුබල පිනක් සිදු වන ලෙස දන් දෙති. නො මනා කොට සිල් රකිති. මහන්සිය නිෂ්ඵල වන සැටිය...